FAST NEWS

24×7 Around the Globe

බලගතු ක්‍රීඩකයා සංගා නොව අර්ඡුන බව මුරලි ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාව බිහිකළ බලගතුම ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර සංගක්කාර නොව අර්ජුන රණතුංග බවත්, සංගක්කාර එම තත්ත්වයට පැමිණීමට තව කල් ඇති බවත් මුත්තයියා මුරලිදරන් සඳහන් කළ බව ඉන්දීය එන්.ඩී.ටී.වී. ආයතනය පසුගියදා (25දා) වාර්තා කළේය.

එම වාර්තාවට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සචින් ටෙන්ඩුල්කාර්ට පසුව වඩාත් ස්ථාවරවූ පිතිකරුවා සංගක්කාර බව මුරලි හඳුන්වා දී තිබේ.

එමෙන්ම 1996 ලෝක කුසලානය දිනාගැනීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වර්ධනය කිරීම, වඩාත් බුද්ධිමත් විචාරශීලී මෙන්ම ආක්‍රමණශීලී නායකත්වයක් පෙන්නුම් කිරීම නිසා අර්ජුන රණතුංග ලංකාව බිහිකළ වඩාත් බලගතුම ක්‍රීඩකයා බව මුරලිදරන් පවසා තිබේ.

සුදු ජාතිකයන් තමාට එරෙහිව 1999 දී පන්දුව දමා ගසන්නෙක් බවට චෝදනා කරද්දී ඔහුගේ ක්‍රිකට් අනාගතය පිළිබඳ පවා නොසිතා නිර්භයව සුද්දන්ට එරෙහිව ඇඟිල්ල දිගු කිරීමට තරම් අර්ජුන නායකයෙ‘කු වශයෙන් පන්නරයක් ලබා තිබූ බව මුරලි එහිදී සඳහන් කර ඇත.

“අර්ජුන අපිට අපිව විශ්වාස කරන්න ඉගැන්නුවා. ඔහු රට වෙනුවෙන් දශක දෙකක් ක්‍රිකට් ක්‍රීඩා කළා. අපි ඔහුට ණයගැතියි. ඔහු අපිට උදව් කළේ ජාත්‍යන්තරය දිග් විජය කළ හැකි ක්‍රීඩකයන් නිර්මාණය කරගැනීමේ අභිප්‍රායෙන්. ඒ නිසා අර්ජුන ලංකාව බිහිකළ බලගතුම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හැඳින්වීමෙන් සංගක්කාරට කිසිදු මදි පුංචිකමක් වෙන්නෙ නෑ” යැයි මුරලි එහිදී සඳහන් කළේය.