නව මිසයිල පද්ධතියක් සැකසීම සදහා රුසියාව අවධානය යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රුසියාව සහ ඇමරිකාව යුද අවි පාලන ගිවිසුම අත්හිටුවීමත් සමඟ රුසියාව විසින් නව මිසයිල පද්ධතීන් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
දෙරට අතර පැවති මධ්‍යම දුර න්‍යෂ්ටික බල ගිවිසුමට අනුව කෙටි හා මධ්‍යම දුර මිසයිල භාවිතය තහනම් කර තිබුණි.
මෙම පියවර හේතුවෙන් ලෝකයේ යුද ශක්තිය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් අලුත් තරගයක් ඇතිවී තිබෙන බව දේශපාලන විචාරකයෝ පවසති.









