FAST NEWS

24×7 Around the Globe

තේරිම් කමීටුවෙන් එක්දින නායකත්වයෙත් වෙනසක්..

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේද නව වෙනසක් ඇති කිරීම සම්බන්ධයෙන් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව බවත් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
ඒ අනූව කණ්ඩායමේ මානසිකත්වය බිඳ වැටීම, එකමුතුකම නොමැතිවීම සහ විනය සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විසින් ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව කියැවේ.
එසේම ලසිත් මාලිංගව නායකත්වයෙන් ඉවත් කරමින් යළිත් ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට පත්කරමින් කණ්ඩායම එකමුතු කිරීම හෝ නිරෝෂන් දික්වැල්ලව නායකත්වයට පත්කරමින් ගැටලූව විසඳා ගැනීම යන කාරණා දෙක සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇතැයිද පැවසේ.