ගායන විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා හට අද (05) සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් පිරිනමනු ලැබීය.
සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ලැබුණු මේ සම්මානය පිළිබඳව තමන් හට ඇත්තේ අමුතු ආඩම්බර හැඟීමක් බව එය පිළිගනිමින් විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා පැවසීය.
එම විශ්ව විද්‍යාලයට වසර 23 ක් පිරීම නිමිත්තෙන් බළන්ගොඩ, බෙලිහුල්ඔය සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මෙම උත්සවය සංවිධානය කර තිබුණි.









