FAST NEWS

24×7 Around the Globe

හතුරුසිංහ ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගනියි..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු චන්දික හතුරුසිංහ මහතාව ඉවත් කිරිම අදාළ නිතීමය තත්වය පිළිබඳව විමසා බැලිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිතීඥවරුන් පියවර ගනිමීන් සිටින බව එම ආයතන ආරංචි මාර්ග කියයි.
ඔහුගේ පුහුණූකාරීත්වය යටතේ පසුගිය මාස 13 තුළ කණ්ඩායම දැක්වු දුර්වල ක්‍රීඩා විලාශය මීට හේතුව වී ඇති බවත් පැවසේ.
චන්දික හතුරුසිංහ මහතාව 2018 ජනවාරී මාසයේදි වසර 03 ක ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණූකාර ධුරය සඳහා පත් කරගෙන ඇත්තේ වර්ෂයක රුපියල් මිලියන 90 ක වැටුපකට බවත් කියැවේ.
ඒ අනුව එ මහතාව ගිවිසුම් කාලයට පෙර තනතුරින් ඉවත් කිරිම අදාළ නිතී උපදෙස් පතා ක්‍රිකට් ආයතන නිතීඥවරුන් නිතීපති දෙපාර්තුමේන්තුවෙන් උපදෙස් පතා ඇති බවත් පැවසේ.
ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 42 ක සහභාගි වී ඇති අතර ඉන් තරග 24 ක් පරාජයට පත්ව තරග 14 ක් පමණක් ජයග්‍රහණය කිරිමට සමත්ව ඇත.