අඩුම තරග සංඛ්‍යාවකින් එක්දින ලකුණු අටදහසක් සම්පූර්ණ කළ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියස් නව වාර්තාවක් පිහිටුවා ඇත.
ඒ, සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ඊයේ (26) පැවති එක්දින තරගයේදී ලකුණු 64 ක් ලබාගනිමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු අටදහස පසුකර යෑමත් සමගය.
මෙම දක්ෂතාව දැක්වීමට ඒ.බී. ඩිවිලියස් වැයකර ඇත්තේ තරග 190 ක් පමණයි.
තරග 208 කදී එක්දින ලකුණු අටදහස සම්පූර්ණ කරමින් ඉන්දියාවේ සව්රව් ගංගුලි මීට පෙර අදාළ වාර්තාවට හිමිකම් කීවේය.
එක්දින ලකුණු අටදහස අඩුම තරග සංඛ්‍යාවකින් සම්පූර්ණ කළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්ටයි.
මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකිකයා වන්නේ මාවන් අතපත්තු.
තරග 245 කදී ඔහු එක්දින ලකුණු අටදහස සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 19 වන ස්ථානයයි.
මේ අතර ඊයේ (26) පැවති තරගයෙන් නවසීලන්තය ලකුණු 62 කින් පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ සමග දෙකට එකක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිවූයේ ද දකුණු අප්‍රිකාවටයි.







