ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ පවතින ගැටලු කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරිම සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියාවේ තරග සදහා එක්ව සිටින බැවින්.
ක්‍රිකට් කණ්ඩායම හමුවිමෙන් අනතුරුව ඔවුන්ට විශ්වාසය ලබාදුන් බවත් කණ්ඩායමට අවශ්‍ය සහාය ලබාදෙන බව තමන් සඳහන් කළ බවත් අමාත්‍යවරයා පවසයි.
මෙහිදී කැන්බරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය නැරඹීම සඳහාත් ක්‍රීඩා අමාත්‍යවරයා එක්විය.
ඕස්ට්‍රේලියා ගමන සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ලබානොගත් බවත් එය තමන්ගේ පෞද්ගලික වියදමෙන් දරූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.








