මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 08 ටම බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය තවදුරටත් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එරට මහාමාර්ගවල තාර උණු වන තරම් දැඩි උණුසුමක් එහි පවතින අතර, දහස් සංඛ්‍යාත වන සතුන් සහ මත්ස්‍ය සම්පත විනාශ වෙමින් පවතින බව ද වාර්තා වෙයි.
දකුණුදිග ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් වාර්තාවී ඇති බවත් මේ නිසා දිවා කාලයේ නිවෙස්වලට වී සිටින ලෙසත් විජලනයෙන් වැළකී සිටීමට පියවර ගන්නා ලෙසත් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ එරට වැසියන්ට උපදෙස් දී ඇත.









