මලයාසියාවේ රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සිය ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
05 වන සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට ගත් තීරණයත් සමග ඔහුට මෙම තනතුර හිමිවිය.
වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු එරට අගමැති මහතීර් මොහොමඞ් ද හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.
රුසියානු රූ රැජිණක් සමඟ රහසිගතවම විවාහ වීම හේතුවෙන් 49 හැවිරිදි 05 වන සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට තීරණය කළේ සිය රාජකීය නිළ කාලයේ වසර 02 ක් පමණක් ගතවී තිබියදීයි.









