FAST NEWS

24×7 Around the Globe

හෙට (01) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න – සුරංග අවිනිශ්චිතයි..

 

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග හෙට (01) කැන්බරාහිදි ආරම්භ විමට නියමීත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ සහභාගීත්වය අවිනිශ්ත බව ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

ඔහු මෙ වන විට නිසි ශාරීරික යෝග්‍යතාවයෙන් නොවිම මීට හේතුව වි ඇති බවද පැවසේ.

ඒ අනුව බොහෝ දුරට ඔහු වෙනුවට චාමීක කරුණාරත්න ක්‍රීඩා කරනු ඇති බවත් කියැවේ.

එසේම මෙම සංචාරයට එක්ව සිටි නුවන් ප්‍රදීප්,දුෂ්මන්ත චමීර හා ළහිරු කුමාර යන වේග පන්දු යවනන් සියල්ලම අබාධයන්ට ලක්ව සිටින නිසා ඔවුන් වෙනුවෙන් කසුන් රාජීත හා විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට එක්වනු ඇති බවත් පැවසේ.

කෙසේ වෙතත් හෙට (01) තරගයට ක්‍රීඩා කරතැයි පැවසෙන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා පිළිබඳවද ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩාකළ හැකි) 1 දිමුත් කරුණාරත්න, 2 ළහිරු තිරිමාන්න, 3 දිනේෂ් චන්දමාල්(capt), 4 කුසල් මෙන්ඩිස්, 5 රොෂෙන් සිල්වා, 6 ධනංජය ද සිල්වා, 7 නිරෝෂන් දික්වැල්ල (wk), 8 දිල්රුවන් පෙරේරා, 9 සුරංග ලක්මාල් /චාමීක කරුණාරත්න, 10 කසුන් රාජීත, 11 විශ්ව ප්‍රනාන්දු