FAST NEWS

24×7 Around the Globe

වායු දූෂණය හේතුවෙන් බැංකොක් පාසල් 400 ක් වසා දැමෙයි…

 

වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර පාසල් 400 ක් වසා දැමීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිසුන් විවිධ රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීමේ අරමුණින් මෙලෙස පාසල් වසා දමා ඇති බවත් , වාහනවලින් පිටවන දුම සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී පිටවන දූවිලි අංශු හේතුවෙන් දරාගත නොහැකි ප්‍රමාණයට වාතය දූෂණය වී ඇති බවත් එරට බලධාරීන් ප්‍රකාශ කරයි.

මේ වනවිට බැංකොක් නුවර මිලිමීටර් 2.5ට වඩා අඩු විෂ්කම්භයකින් යුත් ධූලි අංශු පවතින අතර , එමගින් පෙනහළු රෝග මෙන්ම පිළිකාද වැළදිය හැකි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.