පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 3.8 කින් පහත වැටී තිබෙන බවත් , එම වසරේදී පහත රට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 191.8 ක් වූ අතර, එය පෙර වසරට වඩා කිලෝග්‍රෑම් මිලියන 5.4 ක පහත වැටීමක් බවත් තැරැව්කාර සමාගම් ප්‍රකාශ කරයි.
ඉහළ කඳුකරයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 63.6 ක් ලෙස නොවෙනස්ව පැවති අතර, මැදි තේ වගාවේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 45.7 ක් ලෙස කිලෝග්‍රෑම් මිලියන 1.6 කින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වෙයි.







