FAST NEWS

24×7 Around the Globe

ලොකු ළුෑණු ආනයනයට සීමා පනවයි…

 

දේශිය ගොවියා රැකගැනිම සඳහා ලොකු ළුෑණු ආනයනය සීමා කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

දඹුල්ල , පොළොන්නරුව , අනුරාධපුර , ගලේවල යන ප්‍රදේශවල ලොකු ලූණු නිෂ්පාදනය අතීතයේ හෙක්ටෙයාර් 7000 ක පමණ ප්‍රමාණයක් සිදු කළ ද මේවනවිට එය හෙක්ටෙයාර් 1000 දක්වා අඩුවී ඇති බවත් , එයට ප්‍රධාන හේතුව වශයෙන් මෙරට ලොකු ලූණු අස්වැන්න නෙළන සමය තුළ පිටරටින් ලූණු ආනයනය කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව මාර්තු , අප්‍රේල් , මැයි යන කාලය තුළදී මෙරට ලොකු ලූණු අස්වැන්න නෙළන සමය තුල ළුෑණු ගෙන්වන සමාගම් වෙත ආනයනය සීමා කිරීමටත් , කෝටා ක්‍රමය හඳුන්වා දීමටත් තමන් මැදිහත්ව කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ඉදිරියේදී මුං ඇට, කව්පි, කුරක්කන් ඇතුලු බෝග ආනයනය සීමා කිරීමට කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය නිවේදනය කර සිටියේය.