FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවට බලපා ඇති අධික හිම පතනයෙන් ගුවන් ගමන් රැසක් අවලංගුයි..

 

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් තුනෙන් දෙකක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම පාහේ හිමෙන් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහර හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

විශේෂයෙන් ඇමරිකානු මිඞ්වෙස්ට් ප්‍රදේශයට මෙන්ම පංච මහා විල් අසළ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 50 දක්වා අධිශීත උෂ්ණත්වයක් පවතින බවයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති අතර, පාසල්ද වසා දමා තිබේ. ‍

ඇමරිකානු අධිශීත කාලගුණය නිමා කිරීම සඳහා පැමිණෙන ලෙස ගෝලීය උණුසුමට ආරාධනා කරමින් ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.

එම පණිවිඩයට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වමින් සදහන්කර ඇත්තේ ලෝක කාලගුණ වෙනස මෙම අධිශීත තත්ත්වයටද හේතුව බව ඇමරිකානු ජනාධිපතිවරයා නොදන්නේද යන්නයි.