FAST NEWS

24×7 Around the Globe

හිරු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුදේව හෙට්ටආරච්චි ශ්‍රේෂ්ඨාධිකරණයට..

 

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව සිදුවන නඩු විභාගයේ සාක්ෂි ලබාදීම සඳහා , හිරු TV , හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිබේ.

රාමනායක මහතා අධිකරණ අපහාස කළ බවට පැවසන ප්‍රකාශය හිරු ප්‍රවෘත්ති මගින් විකාශය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් සුදේව හෙට්ටිආරච්චි මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිතය.