FAST NEWS

24×7 Around the Globe

කෝලි හා ශර්මා – සංගා සහ මහේලව පරයා යයි..

එක්දින ක්‍රිකට් තරගවලදි ලකුණු 100 යට වඩා සම්බන්ධතා පැවැත්වු පිතිකරු යුගල අතර සම තෙවැනි ස්ථානයට පත් විමට ඉන්දීය පිතිකරුවන් වන රෝහිත් ශර්මා සහ විරාත් කෝලී නවසීලන්තය සමඟ ඊයේ (28) පැවැති තෙවන එක්දින තරගයේදි සමත් විය.

එහිදි ලකුණූ ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල සඳහා ලකුණු 113 ක සම්බන්ධතාවයක් පැවැත්විය.

ඒ අනුව අවස්ථා 16 කදී ලකුණු 100 යට වඩා සම්බන්ධතා පැවැත්වීමට රෝහිත් ශර්මා සහ විරාත් කෝලී සමත්ව සිටියි.

එසේම ශ්‍රී ලංකා පිතිකරුවන් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර අවස්ථා 15 කදී ලකුණූ 100 යට වඩා සම්බන්ධතා පැවැත්විම අභිබවා යෑමට ඔවුන් දෙදෙනා සමත්ව තිබේ.