පසුගියදා ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් ඊයේ (28) තුර්කිය බලා පිටත්ව ගොස් ඇත.
එම පිරිස කශෝගි ඝාතනයට ලක්වූ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයට ද පිවිසීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ජගත් සංවිධානය, සෞදි අරාබියේ අනුමැතිය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පරීක්ෂණ කණ්ඩායම සෞදි අරාබිය තුළ ද සිය මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.









