සිය රට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හෝ විරුද්ධ පක්ෂ නායක ජුආන් ග්වයිඩෝට එරෙහිව කරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවනු ඇති බව ඇමරිකාව විසින් වෙනිසියුලාවට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුආන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනක ප්‍රකාශ කරනු ලැබුවේය.
ඊට ප්‍රතිචාර ලෙස වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දැනුම් දුන්නේ රටින් පිටවන ලෙසටයි.









