FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින පුහුණු සංචිතය එළියට..

ශී‍්‍ර ලංකාව ලෝක කුසලානයට පෙර ලබන මාසයේදි දකුණු අප්‍රිකාව සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලියකට මුහුණ දීමට සුදානම් අතර, එ සම්බන්ධයෙන් වන මුලික සංචිතයට (පුහුණු) අදාළ වෙනස්කම් පිළිබඳව ශ්‍රී ලංකා තේරිම් කමීටු ආරංචි මාර්ග කියයි.

මෙම තත්වය මත මෙතෙක් එක්දින කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන්ව සිටි කුසල් මෙන්ඩිස්, ළහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කෙරනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව නම් කර ඇති නව සංචිතය සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් දක්‍ෂතා අතර සිටිව අවිශ්ක ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන සහ තරිඳු කෞෂාල් නම් කොට ඇති බවට වාර්තා වේ.

ශී‍්‍ර ලංකා (පුහුණු) සංචිතය- නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, අවිශ්ක ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා, අකිල ධනංජය, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග (නායක), දුෂ්මන්ත චමීර, මිනෝද් භානුක, මිලින්ද සිරිවර්ධන, තරිඳු කෞෂාල්, දසුන් ශානක