පසුගිය වසරේ දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා ලංකා IOC සමාගමේ නවතම මූල්‍ය වාර්තා පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර , ඒ අනුව 2018 ඔක්තෝබර් – දෙසැම්බර් මාස 03 තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් මිලියන 986.88 ක් ලෙස සටහන් වේ.
මෙය 2017 වසරේ සමාලෝචිත කාර්තුවෙහි වාර්තා කර ඇති අලාභ අගය වූ රුපියල් මිලියන 340 හා සැසඳීමේ දී 190% ක ඉහළ යාමකි.







