FAST NEWS

24×7 Around the Globe

පේරු රාජ්‍යයේ විවාහ උත්සවයක් අතරතුර සිදුවූ නායයෑමකින් 15 දෙනෙක් මරුට..

 

නිරිතදිග පේරු හි හෝටලයක පැවති විවාහ උත්සවයක් අතරතුර සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බෑවුම් සහිත ප්‍රදේශයක පිහිටි මෙම හෝටලයට නායයෑමත් සමඟ එක්වරම ගල් සහ මඩ ගලාවිත් ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය වන අවස්ථාවේදී එම හෝටලය තුළ පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් සිට ඇති අතර, ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබේ.