FAST NEWS

24×7 Around the Globe

සුරංග හා දික්වැල්ල ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට..

ඔස්ට්‍රේලියාව සමඟ පසුගියදා පැවති පළමු ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා අතර පැමීණ ක්‍රීඩකයෝ වන සුරංග ලක්මාල් හා නිරෝෂන් දික්වැල්ල අයි.සී.සී  ටෙස්ට් ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට පැමීණිමට සමත්ව සිටිති.

එ අනුව ඔස්ට්‍රේලයාවට එරෙහිව ලකුණු 75 කට කඩුළු 05 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පන්දු යවන්නන්ගේ ශ්‍රේණීගතකිරිම්හි පියවර දෙකක් ඉදිරියට පැමීණෙමීන් 31 වැනි ස්ථානයට හා තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණීගත කිරිම්හි පියවර 03 ක් ඉදිරියට පැමීණෙමීන් 31 වැනි ස්ථානයට පත්ව ඇත.

එසේම පළමු ඉනිමේදි ලකුණු 64 ක් හා දෙවැනි ඉනිමේදි ලකුණූ 24 ක් රැස් කළ නිරෝෂන් දික්වැලල්ල පිතිකරණ ශ්‍රේණීගත කිරිම්හි 64 වැනි ස්ථානයේ සිට 34 වැනි ස්ථානය දක්වා ඉහළට පැමීණිමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය ලබන 01 වැනිදා කැන්බරාහිදි පැවැත්විමට නියමීතය.