FAST NEWS

24×7 Around the Globe

තුර්කියට බලපෑ ටොනෙඩෝවක් හේතුවෙන් 02 ක් මරුට – දේපළ රැසකටත් අලාභහානි..

 

තුර්කියට බලපා ඇති ටොනෙඩෝවක් හේතුවෙන් නිවාස ඇතුළු දේපළ රැසකටත් අලාභහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඉකුත් බ්‍රහස්පතින්දා තුර්කියේ හටගත් ටොනෙඩෝ හේතුවෙන් මේ වන විට වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව දෙකක්.

මෙම අයහපත් කාලගුණය නිසා සැඩ සුළඟින් නිවාස ඇතුළු දේපළ රැසකට අලාභහානි සිදුව ඇති අතර ධීවර බෝට්ටු 10ක් දියේ ගිලී තිබේ.

ඉන් ධීවරයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 11දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.