FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන්ට ඩර්බිෂයර් කණ්ඩායම අහිමී වෙයි.

එංගලන්තයේ ඩර්බිෂයර් කණ්ඩායම නියෝජනය කරමින් එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කර තිලකරත්න ඩිල්ෂාන්ට ඩර්බිෂයර් කණ්ඩායම් ස්ථානය අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණ තිබෙන බව ඩර්බි පුවත් සේවය සඳහන් කරනවා. ඩර්බිෂයර් කණ්ඩායම හා සිව්දින ඉනිම හයකට ක්‍රීඩා කර ඔහු වාර්තා කර ඇත්තේ ලකුණු 69කි, නැට්වෙස්ට් තරග හයකදී ඔහු වාර්තා කර ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි. රෝයල් ලන්ඩන් එක්දින තරග තුනකදී ඔහුගේ සාමාන්‍ය ලෙස සටහන් වන්නේ 8.66කි.