FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමීයන් නිදහස් කිරිමේ තීරණය ගැන ශාන්තගෙන් හෙළිදරව්වක්..

අධිකරණයට අපහාස කිරිමේ වරද මත සිරදඬුවම් නියම වි සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසීය.

පූජ්‍ය ගලගොඩඅත්තේ හිමීයන්ව නිදහස් කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් හෙතෙම මාධ්‍ය වෙත කීය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණද මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව මන්ත්‍රීවරයා පවසා සිටියේය.

ඒ අනුව පෙබරවාරි 04 වැනිදා හෝ ආසන්න දිනයකදී මෙය සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.