FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ ඔස්ට්‍රේලියාව ලකුණූ 72 ක් පසුපසින්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ අද (24) බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගණයේදි ආරම්භ වු, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු දෙකක් දැවි ලකුණූ 72 ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවි සිය පළමු ඉනිමට රැස්කළ ලකුණූ 144 කට වඩා ඔස්ට්‍රේලියා කණ්ඩායම තවත් කඩුළු 08 ක් අතැතිව ලකුණූ 72 ක් පසු පසින් සිටියි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මාර්කස් හැරිස් ලකුණූ 40 ක ලබා නොදැවි සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් හා දිල්රුවන් පෙරේරා කඩුළු 01 බැගින් දවා ගත්හ.

ලකුණූ පුරුව.