FAST NEWS

24×7 Around the Globe

හිටපු දකුණූ අප්‍රිකා ක්‍රිකට් නායක බෝතා සමුගනියි..

හිටපු දකුණූ අප්‍රිකා ක්‍රිකට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ජොහාන් බෝතා (36) සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනිම නිවේදනය කර තිබේ.

2019 ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් විස්සයි – 20 තරගාවලියෙන් අනතුරුව සමුගැනිමට ඔහු සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් හොබාර්ට් හරිකෙන් කණ්ඩායම නියෝජනය කරමීන් සිටි ඔහු අයහපත් ශාරීරික යෝග්‍යතාවය හේතුවෙන් තරගාවලිය අතරමැදදි සිය සමුගැනිම නිවේදනය කර තිබේ.

2005 වර්ෂයේ සිට 2012 දක්වා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට්,එක්දින හා විස්ස-20 ජාත්‍යන්තර තරග නියෝජනය කළ හෙතෙම ඉන් පසුව ඔස්ට්‍රේලියා පළමු පෙළ තරගාවලි සඳහා සහාභාගි විය.

ඉන් පසුව 2016 දී ජොහාන් බෝතා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවයද ලබා ගැනිමට කටයුතු කළේය.