FAST NEWS

24×7 Around the Globe

පැය 72ක් තුළ සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

 

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලුම දෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඊට හේතුවී ඇත්තේ වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟයි.

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මීට මසකට පෙර පැවැත්වූ අතර විපක්ෂය විසින් එය වර්ජනය කරනු ලැබීය.