FAST NEWS

24×7 Around the Globe

හෙට (24) ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න..

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ හෙට (24) බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගණයේදි ආරම්භ විමට නියමීත පළමු ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා අවසන් ක්‍රීඩකයින් 11 දෙනා පිළිබඳව කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.

පුහුණූ තරගයේදි දක්ෂතා දැක්වු ළහිරු තිරිමාන්න දිමුත් කරුණාරත්න සමඟ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කෙරනු ඇති බවත් පැවසේ.

පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීරට හා ළහිරු කුමාරද ක්‍රීඩා කරනු ඇති බව කියැවේ.

එසේම පුහුණූ තරගයේදි අබාධයකට ලක්වු කුසල් මෙන්ඩිස්ද තරගයට ක්‍රීඩා කරනු ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

ශ්‍රී ලංකා අවසන් XI (ක්‍රීඩා කළ හැකි)

1 දිමුත් කරුණාරත්න, 2 ළහිරු තිරිමාන්න, 3 දිනේෂ් චන්දිමාල් (නායක), 4 කුසල් මෙන්ඩිස්, 5 රොෂෙන් සිල්වා, 6 ධනංජය ද සිල්වා, 7 නිරෝෂන් දික්වැල්ල (wk), 8 දිල්රුවන් පෙරේරා, 9 සුරංග ලක්මාල්, 10 දුෂ්මන්ත චමීර, 11 ළහිරු කුමාර