FAST NEWS

24×7 Around the Globe

“ක‍්‍රික් ඉන්ෆෝ” සම්මානයට දිමුත්,මෙන්ඩිස් ඇතුළු 10 ක් නිර්දේශ වෙයි..

ලොව ප‍්‍රකට ක‍්‍රිකට් සම්මාන උළෙලක් වන ක‍්‍රික් ඉන්ෆෝ වාර්ෂික සම්මාන උළලේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය සඳහා ශ‍්‍රී ලංකා පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස් කළ ලකුණු 158 හේතුවෙන් දිමුත් කරුණාරත්න මෙ සඳහා නිර්දේශ වී තිබේ.

එසේම නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස්කළ ලකුණු 141ක වෙනුවෙන් කුසල් මෙන්ඩිස්ගේ නම සම්මානයට නිර්දේශ වී තිබේ.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 2018 වර්ෂයේ දී ක‍්‍රීඩා කළ විශිෂ්ට ඉනිම් හේතුවෙන් ඔවුන් දෙදෙනාට අමතරව තවත් ක‍්‍රීඩකයින් 08 දෙනෙකු ද මෙම සම්මානයට නිර්දේශ වී තිබේ.

ඒ අතරට දකුණු අප‍්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස්, අයර්ලන්තයේ කෙවින් ඔබ‍්‍රයන්, එංගලන්තයේ ජෝ රූට් සහ සෑම් කරන්, ඕස්ටේ‍්‍රලියාවේ උස්මාන් කවාජා, නවසීලන්තයේ කේන් විලියම්සන් මෙන්ම ඉන්දියාවේ විරාත් කෝලි සහ චෙටිස්වර් පුජාරා ද ඇතුළත් වෙති.