සෙනසුරු ග්‍රහයාගේ ප්‍රබල තොරතුරක් අනාවරණය කර ගැනීමට කැලිෆෝනියාවේ සැන්ටාකෲස් සරසවියේ විද්‍යාඥයන් සමත්වී ඇත.
ඒ, නාසා ආයතනය සෙනසුරු වෙත යැවූ කැසිනි ගවේෂණ යානය පෘථිවියට එවූ දත්ත විශ්ලේෂණය කිරීමෙන්.
සෙනසුරුගේ දිනයක් සඳහා පෘථිවි හෝරාවලින් ගතවන කාලය මෙතෙක් අනාවරණ වී නොතිබූ අතර එය හෙලිදරව් කරගැනීමට නොහැකිවූයේ ඒ වටා පිහිටි විස්මයාකාර වළලු පෙළ හේතුවෙන්.
සෙනසුරුගේ ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳ තොරතුරු අනුව හෙළිවී ඇත්තේ සෙනසුරුගේ දිනයක් පෘථිවියේ පැය දහය හමාරකට සීමාවන බවයි.









