චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූකම්පනයෙන් පසු විදුලිය විසන්ධිවීම හේතුවෙන් දෙලක්ෂයකට අධික ජනතාවක් පීඩාවට පත්ව තිබේ.
කිලෝමීටර 53 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන ඇති අතර, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සුනාමි අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබූ නමුත් පසුව එය අවලංගු කළ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.









