එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි සනත් නිශාන්ත මහතා ගමන්ගත් රථය ඊයේ ( 20 ) සවස වනාතවිල්ලුව කරතිව් ප්රදේශයේ දි අනතුරකට ලක් වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් වාහනයට දැඩි හානි සිදුව ඇති අතර එහි රියදුරු ප්රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රි සනත් නිශාන්ත මහතා වනාතවිල්ලුව කරතිව් ප්රදේශයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්රවර්ධන කටයුතු වල නිරතව සිට ආපසු ආරච්චිකට්ටුව නිවස බලා ගමන් කරමින් තිබියදී වාහනය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථවේ මන්ත්රීවරයා සමග ඔහුගේ බිරිඳ සහ තවත් කිහිපදෙනෙකු රථයේ සිට ඇති නමුත් ඔවුන් කිසිවකුට අනතුරක් සිදුව නොමැති බවත් පැවසේ.
ජීප් රථය අනතුරින් පැත්තකට ඇලවී මාර්ගයේ ඇදී ගොස් ඇති අතර රියදුරුට තුවාල සිදුව නැති බවත් නැතත් ඔහුගේ පපුවේ ඇතිවූ සිරවීමක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලට ඇතුළත් තළ බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.









