FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ තත්වය ගැන හා නිපන්දු ගැන හතුරුගෙන් ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලබන 24 වැනිදා ආරම්භ වීමට නියමීත පළමු ටෙස්ට් තරඟයට කුසල් මෙන්ඩිස් හට ක්‍රීඩා කිරිමට හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියා XI කණ්ඩායම සමග පැවති තුන්දින තරගයේදි සිය අතේහි පන්දුවක් වැදිම හේතුවෙන් අබාධයකට ලක්වු කුසල් මෙන්ඩිස්ගේ තත්වය මෙ වන විට සුව අතට හැරෙමීන් පවතින බවත් හතුරුසිංහ මතා පෙන්වා දෙයි.

එසේම සිදුකළ පරික්ෂණයන් වලද ප්‍රගතියක් පෙන්නුම් කළ බවත් එ අනුව කුසල් මෙන්ඩිස්ට 24 වැනිදා ආරම්භ විමට නියමීත තරගයට ක්‍රීඩා කිරිමට හැකි වනු ඇති බව පැවසේ.

එසේම සිය කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ නිපන්දු යැවිමේ (පාදය) දුර්වලතාවය මග හරවා ගනිමීන් 24 වැනිදා තරගයට මුහුණ දීමට සුදානම් වන බවත් හෙතෙම වැඩි දුරටත් පවසා තිබේ.