පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළුතර දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ විපක්‍ෂ නායක ධුරය භාර ගන්නා ලෙස සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්‍ෂවලින් මෙන්ම විපක්‍ෂයේ අසුන් ගන්නා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් බහුතරයකගෙන් තමන්ට ඉල්ලීම් ඉදිරිපත් වූ බවයි.
“මම තමයි ඒ සඳහා සුදුසුම පුද්ගලයා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 33 ක් ආසන සංවිධායක ලෙස කටයුතු කළා. කිසිම අවස්ථාවක එහාට මෙහාට පැනලා නැහැ. අනිත් කරුණ තමයි මේ පාර මැතිවරණයේදීත් ප්‍රතිපලවලින් කළුතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා.ඉතින් ඒ සඳහා මම සුදුසුයි.” යනුවෙන්ද පැවසුවා








