ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලනයේ එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (20) අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමුව ඇති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට හේතු ඔහු විසින් පැහැදිලි කර ඇති අතර ඒ අනුව එම තීරණය ඔවුන් පිළිගෙන තිබේ.
පෙබරවාර මස 07 වැනි දිනට යෙදී තිබූ ක්‍රිකට් ආයතන නිලවරණය, පෙබරවාරි 21 කල් දැමිමට පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කටයුතු කෙරුණි.







