FAST NEWS

24×7 Around the Globe

පුහුණූ තරගය අතරතුර කුසල් අනතුරකට ලක් වෙයි..(වීඩියෝ)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හොබාර්ට්හිදි අද (17) ආරම්භ වු (දිවා/රාත්‍රී) පුහුණූ තුන්දින තරගයේදි පිතිකරුවා අසල පන්දු රකිමීන් සිටි කුසල් මෙන්ඩිස්ගේ අතේ පන්දුව වැදි අනතුරට පත් විමෙන් පිටියෙන් ඉවත් විමට සිදු විය.

තරගයේ ක්‍රියාත්මක වු 41 වැනි පන්දුවාරයේදි දිල්රුවන් පෙරේරා යැවු දෙවැනි පන්දුවට වමත් පිතිකරු ජේ.ආර් ඩොරන් එල්ල කළ පහරකින් කුසල් ජනිත් මෙම අනතුරට පත් විය.

ඒ අනුව ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ඔහු පිටියෙන් ඉවත් විය.