FAST NEWS

24×7 Around the Globe

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අහෝසි කරන ලෙස එජාප මන්ත්‍රී වරුන්ගෙන් අගමැතිට බලපෑම්.

අකර්මන්‍ය තත්ත්වයේ පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අහෝසි කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් එම මන්තී‍්‍රවරුන් පෙන්වා දී ඇත්තේ ඒ සදහා නව ආයතනයක් ස්ථාපිත කළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප‍්‍රඥප්ති නීතිගත කොට අල්ලස් හෝ දූෂණය මැඩලීම සදහා නවතම ආයතනයක් ස්ථාපිත කළ යුතු බවයි එම මන්තී‍්‍රවරුන් පෙන්වා දි ඇත්තේ.

ජනවාරි 8 වනදා යහපාලන ආණ්ඩුව බිහිකරන අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පුරප්පාඩු 150 ක් පමණ පැවතුණා. මේ නිසා විමර්ශන කටයුතු අඩපනව තිබූ බවයි එම මන්තී‍්‍රවරුන් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පුහුණු නිලධාරීන් පනස් දෙනෙකු අල්ලස් කොමිසම වෙත යොමු කළා. අල්ලස් කොමිසම විසින් අදාළ පොලිස් නිලධාරීන් පනස් දෙනා නැවත පොලිස් මූලස්ථානය වෙත යොමුකර තිබෙනවා. ඒ ඔවුන්ගේ සේවය අනවශ්‍ය බව පවසමින්.

“අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ට විමර්ශ සිදු කිරීමට හෝ දුෂණ මැඩලීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ.” එම නිසා අල්ලස් කොමිසම විසුරුවා හැරිය යුතු බවයි එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පෙන්වා දී ඇත්තේ. නව පාර්ලිමේන්තුව දිවුරුම්දීමෙන් පසු කඩිනමින් අල්ලස් කොමිසම යළි ස්ථාපිත කළ හැකි බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.