FAST NEWS

24×7 Around the Globe

විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේ ජයගනී…

 

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එරට කම්කරු පක්ෂය විසිනි.

ඊයේ (16) පැවති විශ්වාසභංගයේදී බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 325ක් වන අතර විරුද්ධව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 306කි.