FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාව සමග එක්දින සංචිතයට සුරංග ලක්මාල් කැඳවයි..

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ටෙස්ට් තරග සඳහා පමණක් නොව එක්දින තරග සඳහාද භාවිත කළ හැකි බව ජාතික තේරිම් කමීටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි.

එහෙයින් එළඹෙන දකුණූ අප්‍රිකා සංචාරයේදි එක්දින සංචිතයට සුරංග ලක්මාලව ඇතුළත් කර ගැනිමට තමන් අපෙක්ෂා කරන බවත් හෙතෙම කියයි.

එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගාවලියේදි සුරංග ලක්මාල් ඉතා හොඳින් පන්දු යැවු බවත් කඩුලු අතර සිටි බවත් මෙල් මහතා පෙන්වා දුන්නේය.

එසේම ඔහු පන්දුව හොදින් දොලනය කරන බවත් පැහැදිලි පන්දු යැවිමේ ඉරියව්වක් සහිත බවද වැඩි දුරටත් සඳහන් කළේය.