FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා ටෙස්ට් ජයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමීණෙයි..

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග අද (14) අවසන් වු තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණූ 107 ක ජයග්‍රහණයක් වාර්තා කරමීන් 3-0 ක තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ දකුණූ අප්‍රිකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්හි 02 ස්ථානයට පත් විමට සමත් විය.

සිව්වැනි ස්ථානයේ පසුවු දකුණූ අප්‍රිකා කණ්ඩායම මෙම තරගාවලි ජයත් සමග ප්‍රසාද ලකුණූ 110 ක් ලබා නවසීලන්තය හා එංගලන්තය අභිබවා යමීන් දෙවැනි ස්ථානයට පත් විය.

මේ අතර ප්‍රසාද ලකුණු 92 ක් 06 වැනි ස්ථානයේ පසුවු පාකිස්ථාන කණ්ඩායම මෙම පරාජයත් සමග ප්‍රසාද ලකුණූ 03 ක් අඩු වෙමීන් (88) සත්වැනි ස්ථානයට පත්ව තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණූ 91 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්හි 06 වැනි ස්ථානය දක්වා ඉහළට පැමීණිමට සමත් විය.