ටෙහෙරාන් හිදී ඉරාන හමුදාවට අයත් ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝයිං 707 වර්ගයේ යානයක් මෙසේ කඩාවැටීමට ලක්ව ඇති අතර අනතුරට හේතුව මෙතෙක් නිෂ්චිතව තහවුරු වී නොමැත.
ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයින් 16 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කළේය.







