FAST NEWS

24×7 Around the Globe

ජනපති සමඟ ඒකාබද්ධ මන්ත්‍රීවරු තිදෙනෙක් එක්ව යති..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෙට (15) පිලිපීනයේ තෙදින නිල සංචාරයක් ආරම්භ කිරිමට නියමීතය.

කෙසේ වෙතත් මෙම සංචාරය සදහා ඒකාබද්ධ විපක්‍ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පියල් නිශාන්ත, තාරක බාලසූරිය සහ විජිත බේරුගොඩ එක්විමට නියමීත බව පැවසේ.

මෙතෙක් ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිම මන්ත‍්‍රීවරයෙක් ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරයකට සහභාගී නොවි ඇති බවද කියැවේ.

පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටරේට් මහතාගේ ආරධනය මත මෙම නිල සංචාරය ජනාධිපතිවරයා විසින් සිදු කරන අතර එහිදි ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමීත බවද පැවසේ.

එසේම මෙරට ජනාධිපතිවරයෙක් පිලිපීනයේ සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන්.