රැකියා ස්ථානවල දී දැනෙන මහන්සිය මෙන්ම මනසට දැනෙන පීඩනය අවම කිරීමට හා රැකියා තෘප්තිය වැඩි කළ හැකි අළුත් ආකාරයේ උපක්‍රමයක් භාවිතා කිරීමට චීනයේ පෞද්ගලික ආයතන කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ මෙම ආයතනයන්හි සේවයේ යෙදෙන බොහෝ පුද්ගලයන් එක දිගට වැඩ කිරීම තුළින් ඇතිවන අතතියට විසඳුමක් ලෙස දිරිගන්වන්නියන් ලෙස සේවය කරන කාන්තාවන් ආයතනයන්ට ගෙන්වීමට කටයුතු කිරීමෙනි.
එකාකාරීව මහන්සි වී වැඩ කරන පුද්ගයන් ලඟට පැමිණෙන මේ කාන්තාවන් ඔවුන් සමඟ සුහදශීලීව කතා බස් කිරීමට මෙන්ම ඔවුන්ට තිබෙන ප්‍රශ්න ගැනත් පෞද්ගලිකව කතා බස් කිරීමක් සිදුකරයි.
එමෙන්ම නිවාඩුවක් ලැබු විටෙක ඔවුන් සමඟ ක්‍රීඩා කරන්නටත්, ආහාරපාන රැගෙන එන්නටත් හා ගීත ගායනා කිරීමටත් මේ දිරිගන්වන්නියන් කටයුතු කිරීමට සුදානම්.
මෙලෙස සේවකයන් දිරිගැන්වීමට කටයුතු කිරීම නිසා චීනයේ ආයතන රැසක කර්යක්ෂමතාව වැඩිවි ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒමෙන්ම සේවාදායකයින් වෙනදාට වඩා කැමතෙන් සේවයට පැමිණිමත් ආයතන තුළ සමාජශීලී නොව සේවාදායකයින් ද මේ වන විට වැඩි සමාජශීලීත්වයකින් යුතුව සතුටින් සිය කාර්යේ නියැලෙන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.








