මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.
මන්ත්රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙසේ මෙම නිවස ඉදිකර දිමට නියමිතෙ බවත් ඊයේ (13) දිනයේදී මන්ත්රීවරයා කිලිනොච්චියේදී එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු කර තිබේ.
මන්ත්රීවරයා මේ වන විට උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට ගොස් සිටියි.









