පන්දු යවන්නන් තමන්ගේ කාර්යය හොඳින් ඉටු කළත් පිතිකරුවන් තරගයක් ජයග්‍රහණය සිදුකළ යුතු අකාරය තවමත් නොදන්නා බව තමන්ට හැගෙන බව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග අද (11) පැවති විස්සයි – 20 තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
නවසීලන්තයට එරෙහිව පළමු පන්දුවාර 16 සිය පන්දු යවන්නන් විසින් ඉතාමත් හොඳින් යැවු බවත් ඉන් පසු ඉතිරි පන්දුවාර කිහිපයේදි ලකුණූ 180 සීමාවකට යෑම මෙවැනි කුඩා ක්රීඩාංගණයකදි සිදු විය හැකි බවත් හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.
පිතිකරුවන් ජයග්‍රහණය ලබා ගන්නා අකාරය නොදන්නා බවත් කණ්ඩායම පරාජය වන පසුබිමක සිටින විට හැම විටම කතාබහ කර අවස්ථාවට උචිතව වෙනස් විමට කටයුතු කළ යුතු බවත් මාලිංග සඳහන් කළේය.
එසේම තරගයක් දිනිම සඳහා සීමාවට පැමීණම ගැන පුද්ගලයින් වටහා ගත යුතු බවත් හැම විටම සැම කෙනාම නිවැරදි නොමැති බවත් හෙතෙම මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.








