FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලාවේ ජනපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවැනි වරටත් දිව්රයි..

 

වෙනිසියුලාවේ ජනාධිපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවන වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මදුරෝගේ දෙවන වර පත්වීම නීත්‍යාණුකූල නොවන බවට ජාත්‍යන්තර විවේචන එල්ල වු අතර ඇමරිකාව සහ තවත් රටවල් 13 ක් මදුරෝගේ ජනාධිපතිධූරය පිළි නොගන්නා බවටද පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

එරට සමාජවාදී පක්ෂයේ නායකයා වන 56 වියැති මදුරෝ දිව්රුම් දෙමීන් පවසා ඇත්තේ අවුරුදු 06 ක දෙවන ධූර කාලය රට සාමය කරා ගෙන යෑමේ දැවැන්ත පියවරක් වනු ඇති බවයි.