FAST NEWS

24×7 Around the Globe

T-20 යට ගහන තුරුම්පුව මාලිංග කියයි – ක්‍රීඩා කරන අවසන් 11 මෙන්න..

නවසීලන්ත සමග හෙට (11) පැවැත්වෙන විස්සයි-20 තරගය සඳහා වු ලැබි ඇති ඔක්ලන්ඩි හි ඊඩ්න් ක්‍රීඩාංගණය ප්‍රමාණයෙන් කුඩා සීමාවක් සහිත එකක් වුවද, පන්දු යවන්නන්ට තරගය වෙනස් කිරිමට හැකි බව තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තරගයට පෙරාතුව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමීන් අද (10) පැවසීය.

එසේම තම අත්දැකිම් උපයෝගි කරගනිමීන් යෝකර් පන්දු යවමීන් නවසීලන්ත කණ්ඩායමට අභියෝගයක් ලබා දීමට අපේක්ෂා කරන බවද හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.

නවසීලන්තය සමග පසුගියදා පැවති තෙවැනි එක්දින තරගයේදි අාබාධයකට ලක්විම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක හෙට (11) තරගයට ක්‍රීඩා නොකරනු ඇති බවත් එ වෙනුවට කුසල් ජනිත් පෙරේරා එම ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

එසේම කණ්ඩායම් ආරංචි මාර්ග අනුව හෙට (11) ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් අවසන් 11 දෙනා පිළිබඳව නවසීලන්ත ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)

1.නිරෝෂන් දික්වැල්ල 2.කුසල් ජනිත් පෙරේරා 3.කුසල් මෙන්ඩිස් 4. තිසර පෙර්රා 5. දසුන් ශානක 6. ධනංජය ද සිල්වා 7. අසේල ගුණරත්න 8. සීකුගේ ප්‍රසන්න 9.ලසිත් මාලිංග 10.ලක්ෂාන් සඳකැන් 11.කසුන් රාජීත

නවසීලන්ත කණ්ඩායම (ක්‍රීඩා කළ හැකි)

1 කොලින් මුන්රෝ, 2 මාර්ටින් ගප්ටිල්, 3 ග්ලෙන් පිලිප්ස්, 4 රොස් ටේලර්, 5 හෙන්රි නිකොලස්, 6 ටිම් සර්ඵට් , 7 මිචෙල් ස්ටෙනර්, 8 ටිම් සවුති , 9 ඩොයුග් බ්‍රෑක්වෙල් , 10 ඉෂ් සොදි, 11ලොකී පර්ගියුසන්