FAST NEWS

24×7 Around the Globe

ඩිමොක්‍රටික් නායකයින්ගේ සාකච්ඡා අතරතුර ට්‍රම්ප් නැගිට යයි…

 

මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් ඊයේ (09) ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් සමඟ පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ට්‍රම්ප් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සාකච්ඡාව තමාගේ කාලය අපතේ යැවීමක් බවයි.