ලොව කාර්ය බහුලම ගුවන් තොටුපළවලින් එකක් වන ලන්ඩන් – හීතෲ ගුවන් තොටුපළ ආසන්නයේ ඊයේ (08) දිනයේදී ඩ්රෝන් යානයක් පියාසර කිරීම හේතුවෙන් පැය එක හමාරකට අධික කාලයක් ගුවන් තොටුපළ වසා දැමීමට එරට බලධාරීන පියවර ගෙන ඇත.
මෙම ක්රියාව කවුරුන් විසින් සිදුකරන ලද්දක්ද යන්න පිළිබදව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව එරට බළධාරීන් සදහන් කරයි.









